සුදු මිනිස්සු 7
දරුවට තමන්ගෙ දුක කියාගන්න කෙනෙක් නැතිවෙනකොට, ආශ්‍රය කරන්න කෙනෙක් නැතිවෙනකොට, එයාලා ටීවී එකට, කම්පියුටරයට පුරුදුවෙනවා. ඊට පස්සේ තමන්ගෙ හිතේ තියෙන කාන්සිය මාන්සිය යවාගන්න, ඒ ලෝකයේ ජීවත්වෙනවා. ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ වෙබ් අඩවිවලින්, යාළුවෝ හදාගන්නවා. සැබෑ ලෝකෙ තමන්ව අගය කරන්න අය නැතිවුණාට, තමන් මොකක් හරි අප්ලෝඞ් කළහම, ඒක බලලා ඒකට ලයික් දාන්න, කමෙන්ට් දාන්න අය ගොඩක් ඉන්න නිසා, ඒ ලෝකෙන් එළියට එන්න ඕනෙකමක් නැතිවෙනවා. ඒ දරුවො දන්නෙ නෑනෙ පුතේ... තමන්ට ඒ විදිහෙ යාළුවෝ කොච්චර හිටියත්, ප්රශ්නයක් වෙච්ච වෙලාවට පිහිටට එන්න කවුරුත් නෑ කියලා.
- Quantity
Price
$20.00
