සුදු මිනිස්සු 6
කසාදයක් කරගන්න කලින් තව කෙනෙක් එක්ක සතුටින් ජීවත්වෙන්නෙ කොහොමද කියලා දැනගන්න ඕනෙනෙ. එහෙම නැති වුණහම වෙන්නෙ කඩිමුඩියේ විවාහ වෙලා විවේකීව පසුතැවෙන්න තමයි. එහෙම පසුතැවෙන අය ඕනෙතරම් ඉන්නවා පුතේ මේ ලෝකෙ. ඒකනේ කියන්නෙ, `පෙර හමුවුණි නම් ඇය නොපතා මම ඔබට ම හිත පුදමි ` කියලා. මුලින් හම්බවෙච්ච කෙනාව බඳිනකොට ප්‍රශ්නයක් තිබුණා නම් එයාව බඳින්නෙත් නෑනෙ. බඳින වෙලාවෙ ඔක්කොම හොඳයි. ඒත් කෙනෙක් එක්ක ජීවත්වෙන්න දන්නෙ නැති නිසා, බැඳපු දවසෙ ඉඳලා ටික ටික ආදරය සෙනෙහස නැතිවෙනවා. ඊට පස්සෙ තමයි අර සිංදුව කියන්නෙ. ඒත් කැළේ මාරුකළාට කොටියගෙ පුල්ලි මාරුවෙන්නෙ නෑ වගේ, පස්සෙ හොඳයි කියන නෝනව ගත්තත් ඔය ටික ම තමයි වෙන්නෙ. තමන්ගෙ තියෙන වැරදි අඩුපාඩු හදාගන්නෙ නැතුව පරිසරය වෙනස්කරල වැඩක් නෑනෙ පුතේ. ඒ වගේ ම තව කෙනෙකුට ඒ වැරැද්ද දාලා වැඩකුත් නෑ. ඒක හරියට ඇස් දෙක ලස්සන කරන්න තොලේ අඳුන්ගානවා වගේ වැඩක්. ඒක නිසා කරන්න ඕනෙ, තමන්ගෙ වැරැද්ද හදාගන්න එක. එතකොට තමන්ට යහපතින් ඉන්න පුළුවන්.
- Quantity
Price
$20.00
