සුදු මිනිස්සු 3
අද රෑ අපේ ගෙදරට අවුරුද්දෙ හරි ම විශේෂ රැයක්. අද රෑ, අපේ ගෙදර පරම්පරාවෙන් එන පෞරාණික චාරිත්‍රයක් ඉෂ්ට කරනවා. ඒ තමයි අපේ ගෙදර පවුලේ සාමාජිකයෙක්ගේ උපන්දිනය තියෙන්නේ හෙට නම්, අද රෑ ඒ කෙනා හැරෙන්න අනිත් අය ඔක්කොම සිල් සමාදන් වෙලා, රෑ පුරාවටම සීලාදී ගුණධර්මයන් පුරලා, පහුවදා උදේට ඒ හැමෝම එකතු වෙලා, ඒ උපන්දිනය ලබන කෙනාට දීර්ඝායුෂ පතලා ආශිර්වාද කරනවා. ඒ වගේ ම දහමින් පෝෂණය වෙලා යහපත් ජීවිතයක් ගත කරන්න, ඒ වගේම යහපත් කල්‍යාණ මිත්‍රයන් ලැබෙන්න කියලා මහා ආශිර්වාදයක් සිද්ධ කරනවා. ඒක එදා ඉඳලම අපේ අප්පච්චිලගේ පරම්පරාවෙන් ආපු එකක්.
- Quantity
Price
$20.00
