සුදු මිනිස්සු 2
වෙදමහත්තයා, දැන් ගොඩක් දුර ඔය දාන පෙට්ටිය හිස තියාගෙන ආවානේ. අපිට දෙන්න අපි මෙතනින් එහාට අරගෙන යන්නම්. කරුණාදාස, ඔහේලා මගේ සේවකයෝ වෙන්න පුළුවන්, නමුත් දානයක් දෙන්න යනකොට ඒ දානයෙන් පින් ලැබෙන්නේ ඒ දානයට මහා ගරු ගුණ හිතකින් සම්බන්ධවන අයට විතරයි. සේවකයෝ ලවා දන් දුන්නහම ඒකෙන් තමන්ටත් පිනක් ලැබෙනවා නම්, තමන්ට හැදිච්ච ලෙඩේ හොඳ වෙන්න සේවකයෝ බෙහෙත් බිව්වහමත් හරිනේ... අනික, අපේ මුතුන්මිත්තෝ දානයක් දෙනකොට කරගෙන ආපු සිරිත් විරිත් ගොඩක් දැන් ඉන්න මිනිස්සු දන්නෙ නෑ. ගොඩක් අය දානමාන පින්කම් කරන්නේ තමන්ගෙ තත්ත්වෙ අනෙක් අයට පෙන්නන්නනේ. එතකොට මානය මූලික වෙන නිසා ඒ කරන පිංකමෙන් ලොකු ප්රයෝජනයක් වෙන්නේ නෑ. එතකොට කොහොමද අප්පච්චි දානයක් දෙන්නේ? දුව, මම යන ගමන් ඒකට උත්තර දෙන්නම්කො, කියමින් වෙද මහතා ගමන ආරම්භ කළේ ය.
- Quantity
Price
$20.00
