සුදු මිනිස්සු
0

සාපලත් මව්කුස

සමාජයේ ඉන්න අසත්පුරුෂ මිනිස්සු, ඒ අයගේ ඔළුවලට විකාර ඇතුළු කරලනෙ තියෙන්නෙත්. ඒක නිසා මස්කට්ටට පොරකන බලු රංචුව වගේ, උදේ ඉඳලා රෑ වෙනකල් රුපියල් සතවලට පොරකනවා. දරුවන්ව විභාගවලට දක්කනවා. නැත්තං මේ පාරවල් අයිනෙ ඉන්නවා අන්ධ මිනිස්සු ඕන තරම්, පාර මාරුවෙන්න විදිහක් නැතුව. වෙලාව පරක්කු වුනොත්, පංතියේ පිටිපස්සේ ඉඳගන්න වෙන නිසා, ඒ අම්මා දරුවවත් ඇදගෙන පංතියට දුවනවා, දරුවා ඒ අන්ධ මනුස්සයා දිහා හැරි හැරී බලද්දිත්. සාරධර්මවලින් පිරිච්ච පාරට පිටුපාලා, අසත්පුරුෂයෝ හදලා දීපු ලෝකෙට මුදුනාවෙන්න පුළුවන් පාර දිගේ ඒ අහිංසක දරුවව දුවවනවා. අන්තිමට කිසි ම ආගමට දහමකට නැති, කයින් මනුස්සයෙක් වෙච්ච, ඒත් හිතින් තිරිසනෙක් වෙච්ච, මනුස්සයෙක් ලොකෙට බිහිවෙනවා. ගාලෙ ඉන්න මී හරකට සිංහයෙක් දකිනකල් ම වෙනසක් තේරෙන්නෙ නෑ වගේ, ඒ දරුවත් ඒ දෙමාපියෝ වගේ ම නිසා, ඒ දෙමාපියන්ටත් දරුවන්ටත් ඒකෙ වෙනසක් තේරෙන්නෙ නෑ. ඒ වුනාට පුතේ... එහෙම දරුවෙක් සත්පුරුෂ සමාජයට වැටුනහම කොන් වෙනවා.අන්න එදාට ඒ දරුවන්ට තමන්ගේ දෙමාපියෝ ගැන තරහක් පවා ඇතිවෙනවා. ඒත් ඉතින් එහෙම තරහක් ආවත්, ඒකෙන් ගොඩ යන්නත් ඉගෙනගෙන නැති නිසා, තව තවත් පව් කරගෙන මහා අපායට ඇදිලා යනවා. අන්න එතකොට බැලුවහම, ඒ මව් කුසත් සුගති සත්ත්වයෙක්ව සතර අපායට යවපු, සාපලත් මව්කුසක් වෙනවා.
  • Quantity
සාපලත් මව්කුස
Items have been added to cart.
One or more items could not be added to cart due to certain restrictions.
Added to cart
- There was an error adding to cart. Please try again.
Quantity updated
- An error occurred. Please try again later.
Deleted from cart
- Can't delete this product from the cart at the moment. Please try again later.